ගමක්ම බිය වද්දමින් නිවසක් අසළ රැදී සිටින පිඹුරා - දින කිහිපයකින් සිදුවන දේ නිලධාරීන් කියයි..
Sri Lanka Police
Nuwara Eliya
Sri Lanka Police Investigation
By Sewvandhi
ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත.
(15) දින රාත්‍රියේ හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට පැමිණ ඇති පිඹුරා එම නිවසේ දොර අසල රැදි සිටි බවත්, (16) දින අළුයම වන විට නිවස පිටුපස තිබු පුටුවක් යට තුල සිටින බවයි එම නිවසේ පදිංචිකරුවන් කියා සිටින්නේ.
එම නිවසේ පදිංචිකරුවන් කියා සිටින්නේ, නිවස අසල රැදි සිටින පිඹුරාට ඉදිරියට ඇදි යාමට නොහැකිව සිටිම නිසා (15) දින රාත්‍රියේ සිටම පිඹුරා නිවස අසල රැදි සිටින බවයි.
නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ ගොදුරු ගිල දමා ඇති පිඹුරා දින කිහිපයක් ඒ අසලම රැදි සිට පසුව රක්ෂිතයට ඇදි යන බවයි.
නිවස අසල රැදි සිටින පිඹුරා ඉන් ඉවත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පැවසිය.
Sponsored By Sarrita Jewellery