වන අලි පහරදීමකින් ප්රදේශයක් උණුසුම් වෙයි..විශාල පිරිසක් ප්රධාන මාර්ගයකට රැස්වෙයි.(PHOTOS)
Police spokesman
Sri Lanka Police
Death
By Aruna
පසුගිය 17 වැනිදා අලුයම වන අලියෙකු සිදු කළ හරදීමකින් මහඉලුක්පල්ලම, පුලියන්කුළම ගම්මානයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මේ හේතුවෙන් වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා - කැකිරාව ප්රධාන මාර්ගය අවහිර කරමින් ඊයේ (18) ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවක නිරත විය.
එම මියගිය පුද්ගලයාගේ මළසිරුර ද රැගෙන මාර්ගයට විත් මාර්ගය අවහිර කරමින් අලි ප්රශ්නයට ඵලදායි විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් එම පිරිස සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔවුන් විරෝධතා පුවරු ද ප්රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ අතර, එම විරෝධතාවය සඳහා විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා ද වැඩම කර සිටියහ.
මේ එම අවස්ථාවේ ඡායා රූප කිහිපයක් පහතින්,