බන්ධනාගාර රැඳවින් 03ක් උණ රෝගයකින් මියයයි..අවසන්වරට මිය ගියේ 29 හැවිරිදි තරුණයෙක්..

Ministry of Health Sri Lanka Department of Prisons Sri Lanka Death Prisons in Sri Lanka Prison
By Aruna Jan 04, 2024 03:23 AM GMT
Report

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දිනයේ අදාළ රැඳවියා මියගොස් ඇති බවයි.

මියගිය රැඳවියා මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් 16 වන දින බන්ධනාගාර ගතවූ අයෙකු බවයි ද සඳහන් වන්නේ.

අදාළ රැඳවියා රෝගී තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මියගිය රැඳවියා 29 හැවිරිදි කොට්ටවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

පසුගිය සතිය තුළ මාතර බන්ධනාගාරයේ ද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

                                                                     Sponsored By Sarrita Jewellery