ජල ගාස්තුව සම්බන්ධයෙන් විශේෂ තීරණයක - මේ දේ ගැන ඔබ දැනුවත් ද?.
ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට නියමිතයි.
ඒ බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සඳහන් කළේ ය.
අමාත්‍යවරයා පැවසුවේ විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමග සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බවයි.
මේ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේ ය.
මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත්තේ එම ආයතනයේ සම්බන්ධීකරණයෙන් මහජනතාව සඳහා සෞඛ්‍යමත් පරිපූර්ණ පානීය ජලය ලබාදීම, පර්යේෂණ විධිමත් කිරීම සහ අපජල ප්‍රවාහනය විධිමත් කිරීම යන කරුණු පිළිබඳයි.
එහිදී අදහස් පළ කළ ජල සම්පාදන අමාත්‍යවරයා, විදුලිබල අමාත්‍යවරයා ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති බවත් ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි බව සඳහන් කර ඇත.
Sponsored By Sarrita Jewellery