මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන්. - මැතිවරණයක් අත ළඟ.
Mahinda Amaraweera
Government Of Sri Lanka
Election
Local government Election
By Wayomi
මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණයක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කරඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ,දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදීයි.
“මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ. මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි"යනුවෙන්ද අමාත්‍ය මහින්ද අමරවීර නවසීලන්ත මහ කොමසාරිස්වරයා සමඟ පැවසීය.