මරදානේදී පොලිස් සැරයන්වරයෙක් දුම්රියට පනී.

Sri Lanka Police Death
By Wayomi May 08, 2024 12:00 PM GMT
Report

අද(08) උදෑසන පොලිස් සැරයන්වරයෙකු දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇති බව මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මෙලෙස ජිවිතක්ෂයට පත් වී ඇත්තේ, පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සේවයේ නිරතව වූ පොලිස් සැරයන්වරයෙක්.

මරදාන දුම්රිය ස්ථානයට ආසන්නයේදී දුම්රියට යටවීමෙන් හිස කදින් වෙන්ව තිබූ මළ සිරුර හමු වූ බවත්, පවුල් ආරවුලක් නිසා මෙම පොලිස් සැරයන්වරයා සියදිවි නසා ගෙන ඇති බවට සැක ක‍රන බවත්, ගගන අප සිදු කළ විමසීමකදී මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

මේ පිළිබඳව මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

....................................................

May you Like