සැරයන්ගේ ATM කාඩ් එකට විද්ද PC මාට්ටු වූ හැටි.
Sri Lanka Police
By Wayomi
පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් කොස්තාපල්වරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් මෙලෙස සොරාගෙන ඇත්තේ,මනම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු විසින්.
ඔහු කදුරුවෙල, ගල්ලෑල්ල, කුසුම්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පැමිණිලිකාර සැරයන්වරයා අනුරාධපුර නගරයේ රාජ්‍ය බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊට පිටුපසින් පෝලිමේ රැඳී සිට මෙම බැංකු කාඩ් පත සොරා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.