ඉන්දීය ආශ්‍රමයකට ලංකාවේ ඉඩමක් දෙන්න රජයෙන් අනුමැතිය.

Ranil Wickremesinghe Sri Lanka Cabinet India
By Wayomi Feb 21, 2024 05:13 AM GMT
Report

ඉන්දීය ආධාර මත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා ඉඩම් කොටසක් දීර්ඝ කාලීනව බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, ශ්‍රී නාරායන් ගුරු සියවස් සංවත්සරය වෙනුවෙන්.

ඒ,අනුව එම ආශ්‍රමයක් ඉදි කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී නාරායන ධර්ම සංගම් කොළඹ භාරය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි රජය පවසන්නේ.

මේ වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රම්බොඩවත්ත නමැති ඉඩමෙන් අක්කර හයයි රූඩ් දෙකක් පමණ ඉඩම් කොටසක් ඒ සඳහා තෝරාගෙන ඇත.

අදාල ඉඩම් කොටස වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ශ්‍රී ලංකා නාරායන ධර්ම සංගම් කොළඹ භාරය වෙත ලබාදීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.


Gallery