රජයේ ප්‍රබල ඇමති සහෝදරියගේ නිවසට පැන්න පුද්ගලයෙකුට අත්වූ ඉරණම...
වත්තල පොලීසිය විසින්, රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සහෝදරියකගේ නිවසට ඇතුළු වී සොරකමේ නිරත වූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ, සැකකරු දින 3ක් එම නිවසට ඇතුළුවී ඇති බවයි.
පොලීසිය පවසන්නේ, පසුගිය 03 වනදා අවසන් වරට නිවසට ඇතුළුවී ඇති සැකකරු විසින් එම නිවසේ තිබූ ස්වර්ණාභරණ, දියමන්ති, මැණික් යොදා සකස් කර තිබූ මුදු මෙලෙස සොරකම් අකර ඇති බවයි.
අනාවරණය වී ඇත්තේ,සොරකම් කර ඇති භාණ්ඩවල වටිනාකම රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂ හතලිස් පන්දහසක් පමණ වන බවයි. පොලීසිය පවසන්නේ එදින අලුයම 1ත් 4ත් අතර කාලයේදී නිවැසියන් නිදා සිටි අතරතුරදී මෙම සොරකම සිදුකර ඇති බවය.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය විසින් පෑලියගොඩ ඔලියමුල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී එම සොරකම් කර භාණ්ඩ සහ සැකකරුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සහ සැකකාරියන් හෙට (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Sponsored By Sarrita Jewellery