දරුවෙකුගේ ඇඟිල්ල කඩුවෙන් කොටා වෙන් කළ ඉහ වහා ගිය කේන්තිය - හද සංවේදී කළ පුවතක් මෙරටින්..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 15, 2024 04:11 PM GMT
Report

බාලවයස්කාර දරුවෙකුගේ ඇඟිල්ලක් වෙන්වන අන්දමට කඩුවෙන් කොටා දැමු පුවතක් වාර්තා වේ.

දරුවෙකුගේ ඇඟිල්ල කඩුවෙන් කොටා වෙන් කළ ඉහ වහා ගිය කේන්තිය - හද සංවේදී කළ පුවතක් මෙරටින්.. | A Person Who Cut A Child S Finger Was Remanded

දින 11ක් තිස්සේ සැඟව සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු වන මෙය සිදුකළ සැකකරු ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම නියෝගය අද (15) වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා නියම කරනු ලැබීය.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ඇඟිල්ල වෙන්වන අන්දමට දරුවාට කෙටූ කඩුව සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කරන බව දැනුම් දෙමින් රාගම පොලිසියේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ රාගම, පොඩි වී කුඔුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙක් ය.

දෙපාර්ශවයක් අතර පසුගිය ජනවාරී මස 04 වැනිදා ආරවුලක් ඇති වී තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු ඔහුගේ අසල්වැසි නිවසක පදිංචිව සිටි 14 හැවිරිදි බාලවයස්කාර දරුවෙකුට කඩුවෙන් කොටා ඇත.

දරුවෙකුගේ ඇඟිල්ල කඩුවෙන් කොටා වෙන් කළ ඉහ වහා ගිය කේන්තිය - හද සංවේදී කළ පුවතක් මෙරටින්.. | A Person Who Cut A Child S Finger Was Remanded

එහිදී එම දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් සම්පුර්ණයෙන්ම වෙන් වී තිබෙනවා.

අනතුරුව දරුවා ජාතික රෝහලට ඇතුලත් කර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් පසු නේවාසිකව ප්‍රතිකාර ලබා දී ඇත.

ඒ බව පොලිසිය සඳහන් කළේ ය.

අදාල සැකකරු දරුවා රෝහලෙන් මුදාහළ පසු පොලිසියට පැමිණී අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Sponsored By Sarrita Jewellery

දරුවෙකුගේ ඇඟිල්ල කඩුවෙන් කොටා වෙන් කළ ඉහ වහා ගිය කේන්තිය - හද සංවේදී කළ පුවතක් මෙරටින්.. | A Person Who Cut A Child S Finger Was Remanded