ශ්‍රවණාබාධිත දැරියකට කපුවෙක් කළ නොහොබිනා වැඩේ - දැරිය සියල්ල එකින් එක කියලා..

Sri Lanka Police Sexual harassment Sri Lanka Police Investigation Latest Headlines
By krishani Dec 19, 2023 04:47 PM GMT
Report

මහනුවර ප්‍රදේශයේ, ශ්‍රවනාබාධයකින් පෙලෙන දැරියක් ප්‍රතිකාරයක් සඳහා දේවාලයකට දෙමාපියන් විසින් රැගෙන ගොස් තිබෙනවා.

එලෙස රැගෙන ගිය අවස්ථාවේ දී එම දේවාලයේ කපුවා ඇයව ලිංගික අපයෝජනයකට ලක්කර ඇත.

ඒ පිළිබඳව දැරිය සිය මව්පියන් වෙත පවසා ඇති අතර ඉන් පසුව මව්පියන් විසින් පොලිසියට පැමිණිල්ලක්අ කර තිබෙනවා.

ඒ අනුව අදාළ කපුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහාධිකරණයේ නඩු විභාගය ආරම්භ කර ඇත.

ශ්‍රවණාබාධිත දැරියකට කපුවෙක් කළ නොහොබිනා වැඩේ - දැරිය සියල්ල එකින් එක කියලා.. | A Person Who Abused A Girl Was Arrested

එම නඩුවේ තීන්දුව ඊයේ (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහිදී අධිකරණය විසින් අදාළ කපුවාට වසර 20ක සිරදඬුවම් නියම කළ අතර අදාළ දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ලබා දෙන ලෙසට ද අධිකරණය නියෝග කළේ ය.

කෙසේ වෙතත්, එම මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමකට යටත් කරන බව ද අධිකරණය ප්‍රකාශ කළේ ය.

ඔබත් නිතර නිතර අසැබි දසුන් බලනවාද..? දැන් අසැබි දසුන් බැලුවොත් ගෙදරටම එනවා..!

ඔබත් නිතර නිතර අසැබි දසුන් බලනවාද..? දැන් අසැබි දසුන් බැලුවොත් ගෙදරටම එනවා..!