ගඟක දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්..

Sri Lanka Police Accident
By krishani Apr 09, 2023 06:49 AM GMT
Report

ඊයේ (08) අවිස්සාවේල්ල - ඉහල තල්දූව ප්‍රදේශයේ දී සිතාවක ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදහන් වී ඇත.

ඔහු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් පැමිණ ඇති අතර එසේ පැමිණි පිරිස සමඟ දිය නාමින් සිට ඇත.

එම අවස්ථාවේ දී මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා වසය අවුරුදු 21ක් වන අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු සෙවීම සඳහා නාවික කොට්ඨාශයේ සහය ඇතිව අවිස්සාවේල්ල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join