අස්වැසුම පෙන්වා තුට්ටු දෙකට විදින මෙම පුද්ගලයාට ඔබත් හසුවෙලාද? - (VIDEO)
Sri Lanka Police
By Wayomi
ත්‍රිකුණාමලය - කණ්ඩලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ රැසක රාජ්‍ය නිලධාරියෙකු බව කියන පුද්ගලයෙකු මුදල් විශුද්ධිකරණයේ නිරත වන බවට ජනතාව චෝදනා කරනවා.
වයෝවෘද්ධ පුද්ගලයන්ට අස්වැස්කම යෝජනා ක්‍රමයේ තම නම සඳහන් වී ඇති බව පවසමින් මොහු මුදල් වංචාවක නිරත වන බවට ප්‍රදේශවාසීන්ගෙන් වාර්තා වී තිබෙනවා.
තමන්ට අස්වැස්කම යෝජනා ක්‍රමය යටතේ මුදල් වෙන් කර ඇති බවත් රුපියල් හාරදහසක් පන්දහසක් මෙම ප්‍රදේශවලදී ලබාගෙන ඇති බවත් ඔවුන් චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් කණ්ඩලෙයි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද ගොනු කර ඇති අතර පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.