මන්ත්‍රිවරුන්ගේ මුහුද මැද සුපිරි පාටියට ගිය වියදම එළියට. - අධිකාරියට ලිඛිත ඉල්ලීමක්. - (PHOTOS)

Sri Lanka Politician Sri Lanka Economic Crisis Sri Lankan political crisis Value Added Tax​ (VAT)
By Wayomi Jan 10, 2024 08:46 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 50දෙනකුට අධික පිරිසක් ඊයේ (09) විනෝද සංචාරයක නිරතව ඇති බව වාර්තා වෙනවා.

ඒ, වරාය අධිකාරිය සතු "හංසකාවා" සහ "දියකොවුල්ලා" නමැති කුඩා ප්‍රමාණයේ, වරායට එක්රොක් වන වැලි ඉවත් කිරීම සදහා භාවිත කරන සුපතළ නෞකා දෙකක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ටග් යාත්‍රා වන මෙම කුඩා ප්‍රමාණයේ නෞකා ද්විත්වය වෙන්කර දී තිබුනේ, වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර විසින් කරන ලද ඉල්ලීමකට අනුවයි.

මන්ත්‍රිවරුන්ගේ මුහුද මැද සුපිරි පාටියට ගිය වියදම එළියට. - අධිකාරියට ලිඛිත ඉල්ලීමක්. - (PHOTOS) | A Party In The Middle Of The Sea For Mps

මේ අනුව මෙම නෞකා දෙකෙහි සංචාරයට එක්වූ මන්ත්‍රිවරුන් සඳහා සියලුම ආහාර පාන වර්ගද එම අධිකාරිය විසින් සලසා දී ඇති බව වාර්තා වෙනවා.

එලෙස මන්ත්‍රිවරුන් 50දෙනෙක් වෙනුවෙන් සූදානම් කළ මෙම විනෝද සංචාරය සඳහා වරාය අධිකාරියට රුපියල් ලක්‍ෂ 25 කට අධික මුදලක් වැය වී ඇති බවයි ආරංචි මාර්ග පවසනවා.

එමෙන්ම මෙම විනෝද සංචාරයට අවශ්‍ය ආහාර පාන සහ ද්‍රව්‍ය ලැයිස්තුවක් සපයන ලෙසට වරාය අධිකාරියේ සභාපතිවරයාගෙන් පෙරේදා (08) වරාය රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ගේ පෞද්ගලික ලේකම් සෙනාලි ජයසේකර විසින් ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇත.

මන්ත්‍රිවරුන්ගේ මුහුද මැද සුපිරි පාටියට ගිය වියදම එළියට. - අධිකාරියට ලිඛිත ඉල්ලීමක්. - (PHOTOS) | A Party In The Middle Of The Sea For Mps

ඒ, අනුව චීස් සැන්ඩ්විච්, බටර් කේක්, ෆිෂ් රෝල්, අයිස් කෝපි, පේපර් කප්, කුඩා වීදුරු, හැඳි සහ ගෑරුප්පු, කුඩා පිඟන්, පුටු (කවර සහිත) එක වර්ගයකින් 55 බැගින්, වතුර බෝතල් (පොඩි) 60 ක්, ටිෂූ පැකට් 5 ක්, ටෙන්ට් එකක් පුටු 10 ක් සහ මේස සහිත (ඇමැති ආරක්‍ෂක අංශය සඳහා) ලබාදෙන්නැයි ඉල්ලීම් කර තිබෙනවා.

මේ අතර ලිපියෙන් මන්ත්‍රිවරුන්ට සංග්‍රහය පිළිගැන්වීම සඳහා වරාය කාර්ය මණ්ඩලයේ 5 දෙනෙක් යෙදවීමට කටයුතු කරන ලෙස ඉල්ලා තිබුණි.

මන්ත්‍රිවරුන්ගේ මුහුද මැද සුපිරි පාටියට ගිය වියදම එළියට. - අධිකාරියට ලිඛිත ඉල්ලීමක්. - (PHOTOS) | A Party In The Middle Of The Sea For Mps

නව වසරේ ආරම්භ වෙනුවෙන් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනුවෙන් සූදානම් කළ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරය සඳහා සහභාගී වන මන්ත්‍රිවරුන්ට ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා විසින් ඇරයුම් පත්‍රද වෙන වෙනම ලබාදී තිබෙනවා.

  

                                                                   Sponsored By Sarrita Jewellery

මන්ත්‍රිවරුන්ගේ මුහුද මැද සුපිරි පාටියට ගිය වියදම එළියට. - අධිකාරියට ලිඛිත ඉල්ලීමක්. - (PHOTOS) | A Party In The Middle Of The Sea For Mps