විශේෂ හේතුවක් නිසා අද රෝහල් රැසක වර්ජනයක්..

Kalutara Ministry of Health Sri Lanka Strike Sri Lanka National Health Service
By Aruna Aug 11, 2023 12:52 AM GMT
Report

කළුතර දිස්ත්‍රික්කවල අද(11) එක් දින හෙද වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා.

බදුරලිය රෝහලේ සේවය කරන ලද හෙද සොහොයුරි‍යක් පදනම් විරහිත චෝදනා ගොනු කරමින් අසාධාරණ ලෙස පිඹුර රෝහල වෙත මාරු කර ඇතැයි කියන සිද්ධියක් පදනම් කරගනිමින් මෙම වැඩ වර්ජනය සිදු කරන්නට හේතු වී ඇති බවයි පැවසෙන්නේ.

හෙද නිලධාරින්ගේ සංගමය පවසන්නේ, අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය නිලධාරින් දැනුවත් කළ ද පිළිගත හැකි සාධාරණ විසදුමක් ලබා දීමට මේ දක්වා කටයුතු කර නොමැති බවයි.

මෙම වර්ජන කාලය තුළ හදිසි හා අත්‍යවශය සේවා ස්වේච්ඡා පදනමින් පවත්වාගෙන යාමට කටයුතු කරන අතර, කේතුමතී රෝහල වර්ජන ක්‍රියාමර්ගය සඳහා එකතු කර නොගන්නා බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් රත්නායක මහතා ප්‍රකාශ කළා.