ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ දැනුම්දීමක්..

SriLankan Airlines Bandaranaike International Airport Sri Lanka
By Aruna Apr 21, 2024 04:27 AM GMT
Report

යුරෝපා ගමනාන්ත සඳහා ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා.

ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වාසිටින්නේ, ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බවයි.

වාහන මිල ගණන් අඩු කිරීමට විශේෂ ඉල්ලීමක්..ආනයනකරුවන් කළ ඉල්ලීම මෙන්න..

වාහන මිල ගණන් අඩු කිරීමට විශේෂ ඉල්ලීමක්..ආනයනකරුවන් කළ ඉල්ලීම මෙන්න..


කාල වේලාවන් වෙනස් කිරීමෙන් අපහසුතාවන්ට පත්වන මගීන්ට විකල්ප ගුවන් යානා සහ නවාතැන් පහසුකම් සැපයීමට කටයුතු කරන බවයි, ශ්‍රී ලංකන් ගුවන් බළධාරීන් සඳහන් කළේ.