ජාතික හැඳුනුම්පත නොමැති අය‍ට විශේෂ දැනුම් දීමක්.

Government Of Sri Lanka
By Gagana Apr 22, 2024 11:37 AM GMT
Report

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවා ඇති පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර ඇත.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්‍රදීප් සපුතන්ත්‍රි පැවසුවේය.

තව ද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය මාර්තු මස 31 වෙනි දින දක්වා එම හැඳුනුම්පත් නිකුත් කිරීම ක්‍රියාත්මක වූ අතර, එම කාල සීමාව දීර්ඝ කරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වී තිබූ ඉල්ලිම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ය.  

............................................................

May you Like