ආන්දෝලනාත්මක මරණ ගාණකට හේතුව වුණ රුවන්?. පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.. අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (VIDEO)

Nihal Talduwa Police spokesman Sri Lanka Police Sri Lanka Police Investigation Death
By krishani Jan 03, 2024 12:56 PM GMT
Report

පොලිසිය විසින් ජනතාවට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ආන්දෝලනාත්මක මරණ ගාණකට හේතුව වුණ රුවන්?. පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්.. අනිවාර්යයෙන් මේ දේ කරන්න.. (VIDEO) | A Notice From The Police To The Public

ඒ කොට්ටාව ප්‍රදේශයේ දී වස පානය කර මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනාවලට සවන්දුන් අයෙකු තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිළිබඳව දැඩි සැළකිල්ලකින් පසුවන ලෙසයි.

ඔහු විසින් ප්‍රදේශ රැසක දේශනා සිදුකර තිබෙනවා. 

මේ වන විට ඔහුගේ දේශනාවලට සවන්දුන් පුද්ගලයින් කිහිපදෙනෙකුම සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් මිය යයි - එක් සිරුරක් ලැගුම්හලකින් හමුවෙයි. - (PHOTOS)

මිය ගිය දර්ශනවාදීයාගේ දේශනවලට ගිය දෙදෙනක් මිය යයි - එක් සිරුරක් ලැගුම්හලකින් හමුවෙයි. - (PHOTOS)


ඒ බව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මේ දක්වා මරණ වාර්තා වී ඇති සියලු පුද්ගලයින් ඔහුගේ අවමගුල් උත්සවයට ද සහභාගී වී ඇති බවයි.

මේ අතර, සියදිවි හානිකරගෙන ඇති දේශකයා විසින් සිය දේශනාවලදී සඳහන් කර ඇත්තේ තමන් ගුප්ත විද්‍යාව පිළිබඳව හදාරා ඇති බවයි.

කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණ වල දී අණාවරණය වී ඇත්තේ ඔහු එවැනි විෂයක් හෝ ආගමික මතවාදයන් පිළිබඳව කිසිදු හැදෑරීමක් සිදුකර නොමැති බවයි.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,

වීඩියෝ දර්ශන - Ada derana


Sponsored By Sarrita Jewellery