උසස් පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Education
By Aruna Jan 13, 2024 03:31 AM GMT
Report

උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතැයි වාර්තා වනවා.

පසුගිය 10 වැනිදා එම ප්‍රශ්න පත්‍රය පිට වූ බව තහවුරුවීමත් සමග එම ප්‍රශ්නපත්‍රය අවලංගු කර නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර ඇත්තේ මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ බවට ලැබුණු තොරතුරු අනුවයි.

මෙවර කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා අයදුම්කරුවෝ පහළොස් දහසක පමණ පිරිසක් පෙනී සිට තිබෙනවා.

දෙපාර්තමේන්තු ඉතිහාසයේ විභාග ප්‍රශ්න පත්‍රයක් පිට වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

මින් පෙර ප්‍රශ්න පමණක් පිටවීමේ සිද්ධීන් වාර්තා වී තිබුණා.

මේ අනුව අවලංගු කරන ලද කෘෂි විද්‍යා දෙවන පත්‍රය දැනට පවත්වන විභාගය අවසන් වීමෙන් අනතුරුව වෙනත් දිනයක පැවැත්වීමට සූදානම් කර තිබේ.

මේ සදහා වන පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාල පාසල් වල විදුහල්පතිවරුන් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයදුම්පත් වල සඳහන් ලිපිනයන් වෙත තැපැල් කර යැවීමට කටයුතු කරනු ලබන බව විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දී ඇත.

Sponsored By Sarrita Jewellery

උසස් පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර ගැන දැනුම්දීමක්.. | A Notice About The Admit Cards A Level Students


Gallery