රජයෙන් අලුතින්ම දෙන නිවාස ණයක් ගැන දැනුම්දීමක්.
Government Of Sri Lanka
By Wayomi
නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ, “සැමට නිවහන” වැඩසටහන යටතේයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි කියා සිටියේ,නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බවයි.
මේ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7,650ක් වෙන් කර තිබෙනවා.