වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්...
Student Visa
Tourist Visa
Foreign Employment Bureau
Ministry of Foreign Affairs - sri lanka
By Aruna
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් දැනුම්දී ඇත්තේ මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙසටයි.
http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බව,ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙයි.
එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බවයි.
ඊට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
