ලංකාවේ කෙනෙක් වෙන රටක ඉදලා Online වරදක් කලොත් ඒ්කටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි. - (VIDEO)

Parliament of Sri Lanka Sri Lanka Social Media Social Media
By Wayomi Feb 22, 2024 10:13 AM GMT
Report

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වීම හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර සඳහන් කළා.

ඒ, අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයකදීයි.

මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය හැකි බවත් තහනම් ප්‍රකාශ නිසා පීඩාවට පත් වන අය ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර කියා සිටියා.

අධිකරණයට අපහාස වන ප්‍රකාශ සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණක් බවත්,වැරදි සිදු කරන මාර්ගගත ගිණුම් හඳුනාගැනීම, තහනම් ප්‍රකාශ නැවත නැවත සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම පනතට අනුව යම් දෙයක් සමාජ මාධ්‍යයට මුදා හරිනවා නම්, එහි වගකීම එය මුදාහරින පුද්ගලයා දැරිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවසාන වශයෙන් පෙන්වා දුන්නා.