ප්‍රබලයින් රැසක් සන්ධානගත වෙයි. - අලුතෙන් එළියට ආ දේශපාලන ව්‍යාපාරය මෙන්න. - (VIDEO)
                                    
                    Sri Lanka Politician
                
                                                
                    Wimal Weerawansa
                
                                                
                    Channa Jayasumana
                
                                                
                    Udaya Gammanpila
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    අද (27) දිනයේ 'එක්ව නංවන රටක් - සතුටු පිරුණු දැයක්' තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී 'සර්ව ජන බලය' නමින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළා.
ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය මෙලෙස ගිවිසුම්ගත විය.
මේ අනුව අදාළ දේශපාලන ව්‍යාපාරය පිහිටුවීමේ ලිඛිත ගිවිසුමට අද කොළඹදී අත්සන් තබනු ලැබුවා.
 
                 
                 
                                             
     
        
     
     
     
     
    