සුනඛයින් ඝාතනය තහනම් කරමින් නව නීතියක්..
South Korea
By Sewvandhi
දකුණු කොරියානු පාර්ලිමේන්තුවේදී 2027 වසර වනවිට මාංශ වෙනුවෙන් සුනඛයින් ඝාතනය කිරීම සහ අලෙවි කිරීම තහනම් කිරීමේ නව නීතියක් සම්මතවී තිබේ.
ඒ සුනඛ මස් ආහාරයට ගැනීමට සියවස් ගණනාවක් තිස්සේ එරට ජනතාව අතර ඇති පෙළඹීම අවසන් කිරීමේ අරමුණිනි.
ඒ අනුව, මාංශ වෙනුවෙන් සුනඛයින් ඝාතනය කරන පුද්ගලයින්ට වසර 3 දක්වා වූ සිරදඬුවමක් නියම වන අතර සුනඛ මාංශ අලෙවි කරන අයට උපරිම වසර 2ක් දක්වා වූ සිරදඬුවම් නියම වනු ඇත.
Sponsored By Sarrita Jewellery