ඔබත් ජීවත් වන්නේ මේ ප්‍රදේශයේද..? ප්‍රදේශ කිහිපයක් ගැන රජය හදිසියේම ගත් විශේෂ තීරණය..!
ජනාධිපතිවරයා විසින් නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවකි.
එසේම මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද එහි තවත් යෝජනාවකි.
මේ අතර ජනාධිපතිවරයා විසින්, ඉරණවිල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල නව ආයෝජන කලාප ඉදිරිකිරීමට ද මෙමගින් යෝජනා කර තිබේ.
මේ අතර බිංගිරිය හා හම්බන්තොට ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීම ද මේ හරහා සිදුකිරීමට නියමිතය.
ඒ අනුව යෝජිත ආර්ථික කලාප ඇති කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇති බවයි, අදාළ කැබිනට් යෝජනාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ සඳහා සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් පදනම් කර ගනිමින් එකී ආයෝජන කලාප සංවර්ධනය කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස එහිදී අනුමැතිය හිමිව ඇත.
Sponsored By Sarrita Jewellery