පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)
අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්ව අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භය දක්වා මාස කිහිපයක කාල සීමාවක් පැවතීම මත සිසු සිසුවියන් හා පාසල අතර සබඳතාවයට සෘණාත්මක බලපෑමක් ඇති වන බවයි.
එමෙන්ම, මේ හරහා සිසු සිසුවියන්ට අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපනය නියමිත කාලයට පෙර අවසන් කිරීමට ද හැකියාවක් නොලැබී යාම ගැටලුවක් බව එම නිවේදනයේ දැක් වේ.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
එය නියමු වැඩසටහනක් ලෙස මෙම වර්ෂයේ දී ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා ක්‍රියාත්මක වන සියලු ම පාසල්වල අ.පො.ස. උසස් පෙළ පන්ති 2024.06.04 වන දින ආරම්භ කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශය විසින් චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා.
එම චක්‍රලේඛය පහතින්,
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%