අද සිට විශේෂ පිරිසක් අතට බලය දෙයි..රට පුරා කරන්න යන දේ ගැන අවධානයෙන්(VIDEO)
මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් සහ පාතාලය මැඩලීමේ අරමුණින් අද සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කරනවා.
මේ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මෙහෙයුම්වලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍ය අලස් මහතා පොලිසියට උපදෙස් දී තිබේ.
ඊයේ (16) අම්බලන්ගොඩ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
"මේ වැඩේට අපිත් එක්ක එකතු වෙන්න. අපි බොහෝම තදින් ක්‍රියාකරනවා. කොයි ලොක්කා කතා කරත් කුඩු කාරයින්ව බේරාගන්න මම එකට ඉඩ තියන්නේ නෑ.
මම පොලීසියට දිලා තියෙන්නේ ජූනි 30 වනදා වෙනකන් විතරයි. ජූනි 30 වෙනකොට සම්පූර්ණ වෙනසක් සිදු වෙන්න ඕනේ මේ රටේ කුඩුයි පාතාලෙයි.
අපි අද ඉදලා හිතාගමු අපි මේක කරමු. සමහර විට සමාජ මාධ්‍යවල අපිට ගහයි.
ඒ ගොල්ලෝ හිතනවා නම් ඒවා කරලා අපිව නවත්වන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ නෑ."
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ටිරාන් අලස් මහතා,