කටුනායක ප්‍රදේශයෙන් අබිරහස් කාන්තා මරණයක්.
Sri Lanka Police
Crime
Murder
Mysterious Death
By Gagana
කටුනායක වල්පොල ප්‍රදේශයේ පාළු නිවසක් අසල කාන්තා මළසිරුරක් තිබී සොයාගෙන තිබෙනවා.
මෙම කාන්තාව පසුගිය 25 වනදින වල්පොල ප්‍රදේශයේ ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පැවසූවේ ඇය සිය සැමියාගේ මව, පියා සහ දියණිය සමග ජීවත් වී ඇති බවයි.
අදාළ මරණයට හේතුව මෙතෙක් හෙළි වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක කටියල දෙමංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.