ඇඳක් මත තිබී හමු වූ පිළිස්සුනු අභිරහස් මළ සිරුරක්.

Sri Lanka Police Mysterious Death
By Wayomi Apr 17, 2024 12:40 PM GMT
Report

අද (17) පෙරවරුවේ උඩවලව කොළඹගේ ආර ප්‍රදේශයේ නිවසක් තුළ ඇඳක් මත ගින්නකට හසුවී සැක කටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

අදාළ නිවස ආසන්නේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන ඔහුගේ බිරිඳ සමඟ අද අලුයම් කාලයේදී ආරවුලක් ඇති කරගැනීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ සිරුරට ගිනි තබාගෙන ඇති බවට බිරිඳ පොලීසිය හමුවේ ප්‍රකාශ කර ඇත.

ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.