හිත් පිත් නැතිව අලුත උපන් නිවුන් දරුවන් සමග පාරට ඇද දැමූ සිව්දරු මව..(VIDEO)

Paliyagoda Poranugoda Pethiyagoda Childten park
By Sewvandhi Feb 09, 2022 09:56 AM GMT
Report

ආදායම් මාර්ගයක් නොමැතිකමින් තමන් සිටි කුලී නිවසින් මහමඟට ඇදවැටුණු සිව්දරු මවක් පිළිබඳව පුවතක් පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. දරුවන් සිව්දෙනා අතර මාස 2ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙක්ද සිටී.

පසුගිය වසරේ සිට සැමියා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද ඇය පැවසුවාය. පෑලියගොඩ නගර සභාවට අයත් ළමා උද්‍යානයේ මෙලෙස දිවි ගෙවීමට සිදුව ඇත්තේ 35 හැවිරිදි සිව්දරු මවකටය.

ළමා නිවාසයක හැදීවැඩී ඇති මෙම කාන්තාව සහ ඇයගේ සැමියා මීට වසර 15කට පමණ පෙර විවාහ වී කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ කුලී නිවසක පසුගිය වසරේ අප්‍රේල් මාසය දක්වා දිවිගෙවා තිබුණි.

අනතුරුව පෑලියගොඩ, පෝරණුකොටුවේ තවත් කුලී නිවසකට පදිංචියට පැමිණ ඇති අතර, කුලී වැඩ සඳහා අනුරාධපුරයට ගිය සැමියා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඇය සඳහන් කළාය.

ලොතරැයි අලෙවි කිරීමෙන් ලැබුණු මුදලින් දිවි ගෙවූ ඇය මීට මාස 2කට පෙර නිවුන් දරුවන් දෙදෙනෙක් බිහිකර ඇති අතර ඒ හේතුවෙන් රැකියාව කරගෙන යෑමද අසීරු වී තිබේ.

මේ නිසා නිවසේ කුලී මුදල් ගෙවීමට නොහැකිවීමෙන් පසුගිය 6 වැනිදා මහමඟට වැටුණු ඇය සිය දරුවන් සිව් දෙනා සමග පෑලියගොඩ නගර සභාවේ ළමා උද්‍යානය වෙත පැමිණ තිබුණි. ඇයගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු 13ක් වන අතර දෙවැනි දැරියගේ වයස අවුරුදු 3කි.

මැසි මදුරුවන් පිරි මෙම ස්ථානයේ සිටින දරුවන්ට රාත්‍රි කාලයේ පින්නෙන් ආරක්ෂාවීමට හා දහවල් කාලයේ හිසට සෙවනක් ලබාදීම සඳහා ඉටිරෙදි ආවරණයක් ඉදිකරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබුණි.

කිසිත් කරකියාගත නොහැකිව අසරණ වී සිටින ඇය ඉල්ලා සිටින්නේ තමාට සහ දරුවන්ට රැකවරණයක් ලබාදෙන ලෙසය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now