අතුරුදන්ව සිටි පුද්ගලයෙක් මයිල ගහක් උඩකින් හමු වෙලා - කර මතින්ම ගමට ආ ඔහු වුණ භයානක දේ ගැන කීවෙ මෙහෙමයි.. (VIDEO/PHOTOS)

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By krishani Jan 03, 2024 05:59 PM GMT
Report

දින 02ක සිට අතුරුදන්ව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු ගංවතුරෙන් යට වූ ප්‍රදේශයක මයිල ගසක් මත සිටිය දී  බේරා ගැනීමට හැකි වී ඇත.

අතුරුදන්ව සිටි පුද්ගලයෙක් මයිල ගහක් උඩකින් හමු වෙලා - කර මතින්ම ගමට ආ ඔහු වුණ භයානක දේ ගැන කීවෙ මෙහෙමයි.. (VIDEO/PHOTOS) | A Missing Person Is Found

ඒ දිඹුලාගල මනම්පිටිය මාගන්තොට ප්‍රදේශයේ ය.

එලෙස ගසක් මත සිටිය දී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙලෙස අදාළ පුද්ගලයාව බේරා ගෙන ඇත්තේ.

ඔහු මාගංතොට කැළෑබද ප්‍රදේශයේ දර කැඩීමට ගොස් තිබෙනවා.

අතුරුදන්ව සිටි පුද්ගලයෙක් මයිල ගහක් උඩකින් හමු වෙලා - කර මතින්ම ගමට ආ ඔහු වුණ භයානක දේ ගැන කීවෙ මෙහෙමයි.. (VIDEO/PHOTOS) | A Missing Person Is Found

එලෙස යාමේ දී කැළෑ දිවියෙකුගේ ප්‍රහාරයකින් බේරීමට ඔහු මයිල ගසකට නැග ඇත.

මේ වන විට එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය ඉහළ යාමෙන් ඔහුට දින 2ක් මයිල ගසේ රැදී සිටිමට සිදු වී තිබෙනවා. 

ඒ බව මනම්පිටිය පොලිසිය සඳහන් කළේ ය.

වීඩියෝ දර්ශන - Hiru News


Sponsored By Sarrita Jewellery