2024 වර්ෂය ගැන මහ බැංකු අධිපති ගෙන් විශේෂ පණිවුඩයක්..
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා අවධාරණය කර සිටිනවා.
ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පවත්වන "2024 සහ රටේ ආර්ථිකය" විශේෂ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා.
එසේම උද්ධමනය ද සියයට 5ක මට්ටමේ තබාගැනීමට බලාපොරොත්තු වන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා.
මේ අතර, නිවැරදි තීන්දු තීරණ සමඟ මෙම වසර තුළ ශ්‍රී ලංකාව ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා රැගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් ගතයුතු අසීරු තීරණ මේ වනවිට ගෙන අවසන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
දෝෂාරෝපණයට ලක් වුවද තමන් එම තීරණ ගත්තේ රට වෙනුවෙන් බවත්, රට රැක ගැනීමට අනෙකුත් දේශපාලනයන්ට ද ඇති වගකීම හඳුනාගෙන කටයුතු කිරීමට නව වසරේදී සියලුදෙනා එක්වනු ඇති බවටත් අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරුණු නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට ඊයේ(01) එක්වෙමින්.
ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුදා උත්තමාචාර සහිතව අභිමානවත් අයුරින් පිළිගැනුණු අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.