වඳුරු උණ, කොවිඩ් සහ HIV ‍යන රෝග තුනම වැළඳුණු රෝගියෙක් සොයාගැනේ

COVID-19 Italy ‎Monkeypox virus HIV Symptoms
By Sewvandhi Aug 25, 2022 10:25 AM GMT
Report

ඉතාලියේ 36 හැවිරිදි පුද්ගලයෙකුට වඳුරු උණ, කොවිඩ් 19 සහ HIV ‍යන රෝග තුන ම වැළඳී ඇති බව වාර්තා වනවා. දින පහක සංචාරයක් නිමා කර ආපසු පැමිණි මෙම පුද්ගලයාට දින නවයකට පමණ පසු උණ, උගුරේ අමාරුව, තෙහෙට්ටුව, හිසරදය සහ ඉකිලි ප්‍රදේශයේ දැවිල්ල ඇති වී ඇති බව සඳහන්.

රෝග ලක්ෂණ මතු වී දින තුනකට පසු ඔහුට කොරෝනා වයිරසයට ධනාත්මක බව සනාථ වී තිබෙනවා. පසු ව ඔහුගේ අනෙකුත් ශරීර කොටස්වල දරුණු සමේ කුෂ්ඨ ද ඇති වී ඇති අතර, තත්ත්වයේ බරපතළකම සැලකිල්ලට ගනිමින්, එම පුද්ගලයා ව රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යොමු කර ඇති බව යි වාර්තා වන්නේ.

පසුව ඔහු ඇතුළත් කිරීම සඳහා බෝවන රෝග ඒකකය වෙත යොමු කරන ලදී. එපමණක් ද නො ව ඔහුට HIV වෛරසය ද ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

..............................................................

YOU MAY LIKE THIS VIDEO

සමාජ ක්‍රියාකාරීන් පිරිසක් CIDය ඉදිරිපිට විරෝධතාවයක


         සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW