ශ්‍රී පාද වන්දනාවේ ගිය පුද්ගලයෙක් හදිසියේ ජීවිතක්ෂයට

Hatton Dikoya Navalapitiya Sri Padha
By Sewvandhi Jan 16, 2022 07:46 AM GMT
Report

ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී ඇත.

මියගොස් ඇති පුද්ගලයා තම පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර එහිදී මෙලෙස හදිසියේ අසනීප වී තිබේ.

එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට කළ දැනුම්දීමකට අනුව කඩිනමින් පහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

පොලිසිය පවසන්නේ ඔහු රෝහල්ගත කරනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවය. මියගිය පුද්ගලයාගේ දේහය හැටන් දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

නල්ලතන්නිය පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now