කාඩ් සෙල්ලම් කරමින් සිටි අයෙකුට අකුණු සැර වැදී ජීවිතක්ෂයට..!

Sri Lanka Accident
By Sewvandhi Apr 02, 2023 07:54 AM GMT
Report

ඌව කුඩාඔය වෙහෙරයාය ප්‍රදේශයේදි අකුණු සැර වැදිමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඌව කුඩාඔය පොලිසිය සඳහන් කරනවා. 

 මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 ක්වන වෙහෙරයාය ප්‍රෙද්ශයේ පදිංචි විවාහකයෙකි.

වෙහෙරයාය ප්‍රදේශයේ වාඩියක කාඩ් සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම අකුණු සැර වැදි ඇති අතර එම අකුණු සැර හේතුවෙන් සුලු තුවාල ලබා කම්පනයට පත්වු අයෙකු වැල්ලවාය රොහලට ඇතුලත් කර තිබේ .

අද(02) මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වෙහෙරයාය හදිසි මරණ පරික්ෂක ඒ එම් චන්දිමාල් දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මුලික රොහලේදි සිදුකිරිමට නියමිතව තිබුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now