සියලූම පොලීසි වල නම් ලැයිස්තුවක් - ඔබත් මේ ගැන දැනුවත්ද..

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Police Investigation Crime Branch Criminal Investigation Department Crime
By Sewvandhi Jan 13, 2024 03:02 PM GMT
Report

දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරුන් වෙත විවිධ අපරාධ ක්‍රියා සඳහා සම්බන්ධ පුද්ගලයන් 42,248 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් යොමුකර තිබේ.

ඒ අනුව යුක්තිය මෙහෙයුම යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

එම සැකකරුවන් අතර වරෙන්තු නිකුත් කර ඇති 35,505ක්, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන මෙතෙක් අත්අඩංගුවට නොගත් සැකකරුවන් 4,258ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් (2022 වර්ෂයේ) 807ක් සහ 1678ක් (2023 වර්ෂයේ) වශයෙන් සැකකරුවන් 2,485 දෙනෙකු සිටී.

අද දින දිවයිනේ සියලුම කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට දිවයින පුරා ඇති සියලුම පොලිස් ස්ථාන හෙට (14) දින සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ උපදෙස් පංතියක් පවත්වා උපදෙස් ලබාදී ඇත.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුළ තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3ට අදාළ සැකකරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමට පැය 24 පුරාම සියලුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට ද වැඩබලන පොලිස්පති විසින් නියෝග කර ඇත.

Sponsored By Sarrita Jewellery

සියලූම පොලීසි වල නම් ලැයිස්තුවක් - ඔබත් මේ ගැන දැනුවත්ද.. | A List Of 42248 Crime Related Names To Policies