ඉන්ධන පිරවුම්හලක පිහි ඇණුමක් - සිව්දෙනෙක් රෝහලේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jun 25, 2022 03:11 AM GMT
Report

වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (24) රාත්‍රියේදී සිදු වූ පිහි ඇනුමකින් සිව්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පෝලිමේ සිටි පුද්ගලයින් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදු වී ඇති අතර පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ අයෙක් මොනරාගල රෝහලට මාරුකර යැවීමටත් කටයුතු කෙරිණී.

පහරදීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදු කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join