ශ්‍රී ලාංකියන් දෙදෙනෙකු ද සිටි වෙළෙඳ නැවකට හූති ප්‍රහාරයක්. - නැවේ 3ක් ඝාතනය කෙරේ. - (VIDEO)

Ship
By Wayomi Mar 07, 2024 11:52 AM GMT
Report

එහි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ගමන් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු මියගොස් ඇති බවත්, මිය ගිය තිදෙනා අතර පිලිපීන ජාතිකයන් දෙදෙනෙකු වන බව වාර්තා වෙනවා.

එම නෞකාව තම අණ නොතකා යාත්‍රා කළ බැවින් පහර දුන් බව හූති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත.

මෙම නෞකාවේ සාමාජිකයින් 20 දෙනෙකු ගමන් කර ඇති අතර එහි පිලිපීන ජාතිකයන් 15 දෙනෙකු වියට්නාම ජාතිකයන් 4 දෙනෙකු සහ එක් ඉන්දියානුවෙකු සේවය කර ඇති බව ද වීදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හූති කැරලිකරුවන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම පහර දීම සාර්ථක වූ බවයි..