විශේෂ පහසුකමකට ජනතාවට ලියාපදිංචියට ක්ෂණික ඇමතුම් අංකයක් - වැඩේ වෙන්නෙ මෙහෙමයි..
“උරුමය” සින්නක්කර ඉඩම් අයිතිය ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 යන දුරකථන අංකයන් ය.
එම දුරකථන අංකයන් හරහා ජනතාවට දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ විය හැකිය.
එමගින් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලැබෙයි.
www.tinyurl.com/urumaya (ඩිජිටල් ඉල්ලුම් පත්‍රය) පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටු කිරීමට පහසුකම් සපයා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත මඟින් ගොවි ජනතාව හා අඩු ආදායම්ලාභීන් වෙත කොන්දේසි සහිත අවසර පත්‍ර/ දීමනා පත්‍ර සහිත රජයේ ඉඩම් කොන්දේසි විරහිත සින්නක්කර අයිතියට පත් කරමින් ජනතාව වෙත ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනා අතර සුවිශේෂී යෝජනාවක් වේ.
මෙම “උරුමය” සින්නක්කර ඔප්පු ලබාගැනීම තුළින් ඉඩම සඳහා නව වටිනාකමක් හිමි වේ.
එමෙන්ම ඒ තුළින් ඔවුන්ගේ උරුමය ආරක්ෂා කර ගනිමින් තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වේ.