පළමු පන්දුවාරයේදීම නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක් - නායකයා ඇතුළු තිදෙනාට සිදුවු දේ..

Cricket Sri Lanka Cricket Bangladesh Cricket Team Cricket Record
By Sewvandhi Mar 09, 2024 12:18 PM GMT
Report

අද (09) බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන 20යි 20 ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත්විය.

ඔහු මෙම දස්කම සිය පළමු පන්දුවාරයේදී ම දක්වා තිබුණි.

එහිදී ඔහු බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හොසේන්, තව්හිද් රිදෝයි සහ මහමුදුල්ලා දවාගනිමින් ඔහු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව විස්සයි විස්ස තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ 05 වන ක්‍රීඩකයා බවට නුවන් තුෂාර පත්වී තිබේ.

ලකුණු 175ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට කඩුලු 4ක් දැවී ලකුණු 15ක් රැස්කරගෙන සිටී.