නව මන්ත්‍රීවරයෙකු දිවුරුම් දෙයි..!

Parliament of Sri Lanka A H M Fowzie Sri Lanka
By Sewvandhi මාස 1 කට පෙර

ඒ.එච්.එම් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. අද (09) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දුන්නේය.

සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දී තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වීමේ අරමුණින් මුජිබර් රහුමාන් මහතා පසුගිය දා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වුණි. පසුගිය මහ මැතිවරණයේදී සමගි ජනබලවේගයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසන 06ක් හිමිවූ ඒ.එච්.එම් ෆවුසි මහතාට මනාප 48,701ක් හිමිව තිබුණි.

ඒ අනුව ඔහු මනාප ලැයිස්තුවේ 07වන ස්ථානයට පත් වුණි. කොළඹ හිටපු නගරාධිපතිරයෙකු ද වන ඒ.එච්.එම් ෆවුසි මහතා මේ වන විට 85 වියෙහි පසුවේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now