රජයේ සේවකයින් පිරිසකගේ දීමනාවක් 35,000කින් වැඩි කරයි..පිරිසක් අද වහාම හදිසි තීරණයක් ගනී..

Ministry of Health Sri Lanka National Health Service
By Aruna Jan 09, 2024 02:01 AM GMT
Report

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක සෞඛ්‍ය සේවකයින් අද (09) පෙරවරු 08.00ට රජයේ රෝහල්වල වැඩවර්ජනයක් ආරම්භ කරන බව බව වාර්තා වනවා.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලකායේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ,එහිදී වෛද්‍යවරුන්ගේ පමණක් ඇතැම් දීමනා ඉහළ දැමීමට ගත් තීරණයට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය සිදු කරන බවයි.

මේ අතර, වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ අනුමත කරනු ලැබුවා.

ඒ අනුව (DAT) දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි එහිදී කැබිනට් අනුමැතිය හිමිවුණේ.

Sponsored By Sarrita Jewellery

Gallery