Covid මාරයා බිලිගත් පාර්ලිමේන්තුව - අද දිනයේත් ප්‍රභලයින් ඇතුළු ආසාදිතයින් 28ක්..
පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇත.
පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවෝ 112 දෙනෙක් කොවිඩ් පරීක්ෂණවලට අද (14) යොමු කෙරුණහ. මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනා ගැනුණේ එම පරීක්ෂණවලදීය. මෙම පරීක්ෂණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්විණ.
කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනුණු සේවකයෝ 28 දෙනා ඒ මොහොතේම නිරෝධායනයට යොමු කෙරුණහ. මේ අනුව පසුගිය සති කිහිපයේදී පමණක් කොවිඩ් ආසාදනයවූ පාර්ලිමේන්තු සේවකයන් සංඛ්‍යාව 98ක් දක්වා ඉහළ යනු ඇත.
මේඅතර මේ දක්වා කොවිඩ් ආසාදනයවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49 කි. පාර්ලිමේන්තුවේ කොවිඩ් පැතිරීම වැඩිවී ඇතත් එහි කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා වෙනම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක්ද පසුගිය සතියේදී හඳුන්වා දෙනු ලැබීය. පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තර පිරිස් කැඳවීමද සීමා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |