හොඳට කපන්න පලුවන් අයට උපාධි ලෝගුවක් අන්දන්න යයි..මුලින්ම 169කට ලැබුණ දේ මෙන්න(PHOTOS)..

Ministry of Education Mahinda Amaraweera Ministry of Agriculture
By Aruna Feb 19, 2024 01:44 AM GMT
Report

රබර් කිරි කපන්නන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ඔවුන් මින් ඉදිරියට ‘රබර් අස්වනු සහායකයන්’ ලෙස හඳුන්වා මෙරට පළමුවරට ඔවුන්ට උපාධි ලෝගුවක් අන්දවා ජාතික වෘත්තීය නිපුණතා සහතිකයක් නිකුත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර ඇති බව වාර්තා වනවා.

රබර් අස්වනු සහායකයන්ට ජාතික වෘත්තීය නිපුණතා සහතික ලබාදීමේ වැඩපිළිවෙළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

පළමු වරට රබර් අස්වනු සහායකයන් 169 දෙනකුට NVQ-3 සහතික පත් ප්‍රදානය කිරීම අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේදී සිදු කෙරුණා.

මෙම සහතික පත් ප්‍රදානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

රබර් කිරි කැපීමේ නිරත පුද්ගලයන්ට පුහුණුවක් සමග සහතික පත් ලැබීම නිසා ඔවුන්ට විදේශගත වී ආදායම් ඉපයීමටත් අවස්ථාව ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery