නේවාසිකාගාරයේදී ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්.

China World
By Wayomi Jan 04, 2024 11:52 AM GMT
Wayomi

Wayomi

in චීනය
Report

මීයෙකු ඇඟිල්ල හපා කෑමෙන් පසු ඇයට ආ ආවේගයට මීයාගේ හිස හපා කෑ තරුණියක් ගැන චීනයෙන් වාර්තා වෙනවා.

මෙම සිදුවීම සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මවිතයට පත්කර ඇති අතර South China Morning Post වාර්තා කරන පරිදි 18 හැවිරිදි මෙම තරුණියගේ ඇඟිල්ල මීයා හපා ඇත්තේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේදීයි.

අනතුරුව මීයා අල්ලාගෙන ඇයගේ දත් පහර සලකුණු වනසේ මීයාගේ ඔළුව හපා ඇති අතර හුස්ම හිරවීම නිසා මීයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නේවාසිකාගාරයේදී ඇඟිල්ල හපපු තරහට මීයාගේ ඔළුව කාපු තරුණියක්. | A Girl Who Ate A Rat S Head

මේ සමඟම තරුණියගේ තොල්වලට තුවාල සිදුවී ඇයව ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

මෙම තරුණියගේ මිතුරිය ප්‍රකාශ කර ඇත්තේ මීයා සැප කෑමට තරම්වූ ඇයගේ ක්‍ෂණික කෝපය සහ හැසිරීම පිළිබඳව ඇය කණගාටු වනවා මෙන්ම ලැජ්ජාවටද පත්වන බවයි.

කෙසේ වෙතත් මේ සිද්ධිය වාර්තා වීමෙන් පසු මීයන්ගෙන් රෝග විශාල ප්‍රමාණයක් බෝවීමේ ප්‍රවණතාවක් ඇති නිසා මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙළා දකින බව චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත.  

                                                                     Sponsored By Sarrita Jewellery