තරුණයෙක් යැයි අඟවා තරුණියක් තවත් තරුණියකට කළ හරියක් - අවසානයේ වුණ දෙය..
තරුණයෙකු ලෙස අඟවා 15 හැවිරිදි සිසුවියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන යමින් එම සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණියක් ය.
ඇය ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන් වේ.
එම ප්‍රේම සම්බන්ධතාවය සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනා වසරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
එලෙස තරුණයෙකු ලෙස පෙනී සිට ඇත්තේ තරුණියක් බව සිසුවිය දැනගෙන ඇත්තේ ඇය අත්අඩංගුවට ගත් මොහොතේ දී ය.
ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියක් සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් මාතර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවයක් ගොඩ නගාගෙන තිබෙනවා.
ඒ අනුව 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හඳුන්වා දී තිබුණේ පිරිමි පුද්ගලයෙක් ලෙසය.
මෙම සම්බන්ධය ඇය දුරකථනය ඔස්සේ පිරිමි පුද්ගලයෙකුගේ හඬින් අමතමින් පවත්වාගෙන ගොස් ඇත.
ඒ වසරක පමණ කාලයක් ය.
15 හැවිරිදි සිසුවිය සිය නිරුවත් ඡායාරූප සහ දර්ශන ද තම පෙම්වතා ලෙස පෙනී සිටි තරුණියට සමාජ මාධ්‍ය ඔස්සේ යොමුකර තිබෙනවා.
ඉන් අනතුරුව එම තරුණිය 15 හැවිරිදි සිසුවියට තමන්ව හමුවීමට පැමිණෙන ලෙස පවසා ඇත.
නමුත්, සිසුවිය එය ප්‍රතික්ෂේප කිරීම හමුවේ පෙම්වතා ලෙස පෙනි සිටි තරුණිය ඇයට තර්ජනය කර ඇත.
ඒ ඇයව හමුවීමට නොපැමිණියහොත් මීට පෙර ඇය එවූ ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත යොමුකරන බව පවසමින් ය.
ඒ අනුව සිසුවිය දිගින් දිගටම හමු වීමට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම නිසා 19 හැවිරිදි තරුණිය 15 හැවිරිදි සිසුවියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.