15 හැවිරිදි දැරියක් පුද්ගලයින් තිදෙනෙකු පැමිණ බලහත්කාරයෙන් පැහැගෙන යයි..(VIDEO)

Sri Lanka
By Aruna May 09, 2023 08:18 AM GMT
Report

15 හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ පුවතක් මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවැත්වු පුද්ගලයා විසින් මෙම පැහැරගැනීම සිදුකරන්නට ඇති බවටයි දැරියගේ මව චෝදනා කරන්නේ.

15 හැවිරිදි කෞෂානි කාවින්ද්‍යා දැරිය දෙමව්පියන් සමග මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර, ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණ වූ කෞෂානිගේ පෙම්වතා සිය නැන්දනිය සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇගේ නිවසට පැමිණ තර්ජනය කර තිබු බවයි වාර්තා වන්නේ.

විදෙස්ගතව සිටින කෞෂානිගේ මවට සිද්ධිය පිළිබඳ දැනුම්දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කර හැරීමට මව කටයුතු කර තිබුණා.

කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කෞෂානිව පැහැරගත් බව සිය ඥාතීන් දැන් වූ බව කෞෂානිගේ මව පවසයි.

"මම විදේශගත වෙලා හිටියේ. දුව මට කෝල් කරලා කිව්වා මට මේ සම්බන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ.

එයා මට නිදහසේ ඉන්න දෙන්නේ නෑ කියලා. කොල්ලාගේ ගෙදරින් තර්ජනය කළා.

පිරිමි ළමයාගේ නැන්දම්මත් තර්ජනය කළා, එයාලා සල්ලිවලට මිනී මරණ කට්ටිය බය නෑ නීතිය ගැන දන්වා කියලා තමයි මට තර්ජනය කළේ.

" සිය දියණිය පිළිබඳ තොරතුරක් වෙතොත් 076 883 6225 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස කෞෂානිගේ මව ඉල්ලීමක් කළා.

මෙලෙස පැහැරගන්නා ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now