2024 රජයේ නිවාඩු දින ගැන හැමෝගෙම අවධානයට යොමුවෙයි..එම නිවාඩු දින මෙන්න..
Sri Lanka Politician
Government Employee
Government Of Sri Lanka
By Aruna
එළඹෙන 2024 වර්ෂයට අදාළව රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබනවා.
ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
මීට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්,
මේ අතර, රජයේ සේවකයන්ගේ නිවාඩු ප්‍රමාණය 45 සිට 25 දක්වා අඩු කිරීමට ඉදිරිපත් කරන යෝජනාවට විරෝධය පළ කරන බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ, අදාළ යෝජනාව වහා ඉවත් කර ගන්නා ලෙස මුදල් අමාත්‍යංශයෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි.
නිවාඩු යනු රාජ්‍ය සේවකයන්ට හිමි වරප්‍රසාදයක් බවත් පවසන ඔහු කිසිදු සොයා බැලිමකින් තොරව නිවාඩු අඩු කිරීමට යෝජනා කිරීම වැඩ කිරීම ජනතා අයිතිවාසිකම් උල්ලංඝනයක් බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.