තනියම ගෙදර ඉන්නවා නම් ළමයින්ගෙනුත් පරිස්සම් වෙන්න.- නිවෙස් වලට පනින ළමා කල්ලියක්.

Sri Lanka Police
By Wayomi Apr 18, 2024 04:20 AM GMT
Report

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන පාසල් දරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල භාණ්ඩ, ජංගම දුරකථන , ඇතුලු දේපල සොරා ගෙන ඇති බවත් එම භාණ්ඩ තවත් එම වයසේම ළමයින් හරහා අලෙවිකර තිබියදී පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් මෙම කල්ලිය දීගු කලක සිට මෙම සොරකම්වල නියුතූව සිටින බවටත් ඒ අනුව දේපල ලග තබාගන සිටි අයත් පොලිස් භාරයට ගෙන දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගන යනු ලබන බවත්ය.  

........................................................................

May you Like