දින 05ක කිරිකැටියෙක් සියල්ලන් සංවේදී කරවමින් මෙලොවින් යන්නම යයි..

Death Latest Headlines
By krishani Mar 05, 2024 04:22 PM GMT
Report

බලංගොඩ ප්‍රදේශයේ දින පහක් වයසැති බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.

දින 05ක කිරිකැටියෙක් සියල්ලන් සංවේදී කරවමින් මෙලොවින් යන්නම යයි.. | A Five Day Old Baby Died At Balangoda

ඊයේ (04) ඒ සම්බන්ධයෙන් බලංගොඩ මූලික රෝහලේ දී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වීය.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ බලංගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි මවක් විසින් බිහිකළ බිළිඳෙක් ය.

අදාළ මව විසින් නිවසේ දී දරුවාට මව්කිරි ලබා දුන් අවස්ථාවක මව්කිරි සිර වී තිබෙනවා.

කෙසේ වෙතත්, බලංගොඩ, පින්නවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.